Please refer to the job advert for further information.
කැපකරු (පිරිමි) – ඉන්දියාව (මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය) – වස් කාලය සඳහා
අවස්ථාව පිළිබඳව
මෙරට ආරණ්‍ය සේනාසනයක ස්වාමින් වහන්සේලා තිදෙනෙකු (03) වස් විසීම සඳහා 2026 ජූලි 25 වන දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක් වෙත වැඩම කිරීමට නියමිතය. එම වස් කාලය පුරාවට ස්වාමින් වහන්සේලාට විනයානුකූලව උපස්ථාන කිරීම සඳහා කැපකරු (පිරිමි) මහත්මයෙකු අවශ්‍ය වේ.
ප්‍රධාන වගකීම්
- ස්වාමින් වහන්සේලාට විනයානුකූලව උපස්ථාන කිරීම.
- දිනපතා දානය සඳහා සරල ශ්‍රී ලාංකික ආහාර පිළියෙළ කිරීම.
- අවශ්‍ය දෛනික කටයුතු සඳහා සහය ලබා දීම.
- ආරණ්‍ය සේනාසනයේ විනය හා පරිසරයට ගරු කරමින් කටයුතු කිරීම.
- වස් කාලය පුරාම ඉන්දියාවේ නේවාසිකව රැඳී සිටීමට හැකි වීම.
සුදුසුකම්
- බෞද්ධ පිරිමි අයෙකු විය යුතුය.
- කැපකරු සේවය පිළිබඳ අවබෝධයක් තිබීම හෝ ආරණ්‍ය සේනාසනයක කැපකරුවකු ලෙස පෙර අත්දැකීම් තිබීම වඩාත් සුදුසුය.
- එවැනි සේවයක නිරත වීමට සැබෑ කැමැත්තක් සහ ශ්‍රද්ධාවක් තිබිය යුතුය.
- සරල ශ්‍රී ලාංකික ආහාර පිසීමට හැකියාව තිබිය යුතුය.
- විනයගරුක, වගකීම් සහගත, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු විය යුතුය.
- වලංගු ගමන් බලපත්‍රයක් (Passport) තිබිය යුතුය.
- කෙටි කාලයක් තුළ පිටත්ව යාමට සූදානම් විය යුතුය.
අප විසින් සපයනු ලබන්නේ
- ඉන්දියානු වීසා.
- යාමට සහ නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්.
- එකඟ වූ මාසික දීමනාව/වැටුප.
- ආරණ්‍ය සේනාසනය තුළ නවාතැන්.
ස්වාමින් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් සේවය කිරීමේ දුර්ලභ පුණ්‍යමය අවස්ථාව.
මෙම අවස්ථාව සඳහා සුදුසු අයෙකු ඔබ දන්නා නම්, කරුණාකර මෙම දැන්වීම ඔවුන් වෙත යොමු කරන්න.