Minimum of 1-2 years of professional driving experience. Please refer to the job advert for further information.

 
ගබඩා රියදුරු | කොළඹ

ප්‍රමුඛ පෙළේ සංවිධානයක් සඳහා අපගේ ගබඩා හා බෙදාහැරීමේ කටයුතු සඳහා වගකීමෙන්, ආරක්ෂිතව සහ විශ්වාසනීයව සේවය කළ හැකි පළපුරුදු ගබඩා රියදුරෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරමු.

රැකියා පැතිකඩ
  • වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
  • බර වාහන, ලොරි හෝ භාණ්ඩ ප්‍රවාහන වාහන ධාවනය කිරීමේ පෙර පළපුරුද්ද තිබිය යුතුය.
  • කොළඹ සහ දිවයිනේ ප්‍රධාන මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
  • හොඳ සන්නිවේදන කුසලතා සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය.
  • අවශ්‍ය අවස්ථාවලදී අමතර පැය, සති අන්ත සහ නිවාඩු දිනවල සේවය කිරීමට හැකි විය යුතුය.

ප්‍රධාන වගකීම්
  • ගබඩාවෙන් පාරිභෝගික ස්ථාන, ව්‍යාපෘති ස්ථාන සහ අනෙකුත් නියමිත ස්ථාන වෙත භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම.
  • භාණ්ඩ නියමිත වේලාවට සහ නිවැරදි ස්ථානයට භාරදීම සහතික කිරීම.
  • වාහනයට භාණ්ඩ පැටවීමේදී සහ බෑමේදී ගබඩා කාර්ය මණ්ඩලයට සහාය වීම.
  • භාණ්ඩ ප්‍රවාහනයේදී සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කිරීම.
  • භාරදීමේ සටහන්, ඉන්වොයිස්, ගේට් පාස් සහ අනෙකුත් ප්‍රවාහන ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම.
  • භාණ්ඩ භාරදුන් පසු අදාළ ලේඛනවල පාරිභෝගික අත්සන් සහ තහවුරු කිරීම් ලබාගැනීම.
  • දෛනික ගමන් මාර්ග සැලසුම් කර ගමන් කාලය නිවැරදිව කළමනාකරණය කිරීම.
  • වාහනයේ පිරිසිදුකම සහ හොඳ ක්‍රියාකාරී තත්ත්වය පවත්වාගෙන යාම.
  • තෙල්, ජලය, ටයර්, බ්‍රේක් සහ අනෙකුත් මූලික වාහන තත්ත්ව පරීක්ෂා කිරීම.
  • අවශ්‍ය වාහන සේවා සහ අලුත්වැඩියා කටයුතු පිළිබඳව අදාළ නිලධාරීන්ට කල්තියා දැනුම් දීම.
  • දේශීය රථවාහන නීති, සමාගමේ ආරක්ෂක ක්‍රියාපටිපාටි සහ ගබඩා නීති අනුගමනය කිරීම.
  • අවශ්‍ය අවස්ථාවලදී ගබඩාවේ භාණ්ඩ සකස් කිරීම, ගණනය කිරීම සහ ස්ථානගත කිරීම සඳහා සහාය වීම.

සුදුසුකම්
  • පිරිසිදු රියදුරු වාර්තාවක් සහිත වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක්.
  • අවම වශයෙන් වසර 5ක වෘත්තීය රියදුරු පළපුරුද්ද.
  • ගබඩා, බෙදාහැරීම් හෝ සැපයුම් ක්ෂේත්‍රයේ පෙර පළපුරුද්ද අතිරේක සුදුසුකමකි.
  • භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා ශාරීරිකව සුදුසු විය යුතුය.
  • කාලයට වැඩ කිරීම සහ හොඳ කාල කළමනාකරණ හැකියාව තිබිය යුතුය.
  • වෘත්තීය පෙනුමක් සහ යහපත් හැසිරීමක් තිබිය යුතුය.
  • භාණ්ඩ සහ සමාගම් දේපළ වගකීමෙන් හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.
  • සිංහල භාෂාවෙන් හොඳින් සන්නිවේදනය කළ හැකි විය යුතු අතර මූලික ඉංග්‍රීසි දැනුම අතිරේක සුදුසුකමකි.

ප්‍රතිලාභ
  • ආකර්ශනීය වැටුපක්.
  • අතිකාල දීමනා සහ අනෙකුත් සමාගම් වරප්‍රසාද.
  • ස්ථාවර සහ වෘත්තීය සේවා පරිසරයක්.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Warehouse Driver | Colombo

For a Leading Organization We are currently seeking an experienced, responsible, and reliable Warehouse Driver to support our warehouse, delivery, and logistics operations.

Job Profile
  • A valid heavy-vehicle driving licence is mandatory.
  • Previous experience driving trucks, lorries, or commercial delivery vehicles is required.
  • Good knowledge of Colombo and major routes across the island.
  • Good communication skills and the ability to work responsibly.
  • Flexibility to work overtime, weekends, and public holidays when required.

Key Responsibilities
  • Safely transport goods from the warehouse to customer locations, project sites, and other assigned destinations.
  • Ensure that all goods are delivered to the correct location within the required time.
  • Assist warehouse staff with loading and unloading goods from the vehicle.
  • Follow appropriate handling and safety procedures to prevent damage during transportation.
  • Maintain delivery notes, invoices, gate passes, and other transport documentation accurately.
  • Obtain customer signatures and delivery confirmations for all completed deliveries.
  • Plan suitable routes and manage travelling time to ensure punctual deliveries.
  • Maintain the cleanliness and proper working condition of the assigned vehicle.
  • Carry out routine inspections of tyres, brakes, oil, water, and other essential vehicle components.
  • Inform the relevant officers in advance of any required servicing, repairs, or vehicle-related issues.
  • Comply with local traffic regulations, company safety procedures, and warehouse policies.
  • Assist with arranging, counting, and moving warehouse goods when required.

Qualifications
  • A valid heavy-vehicle driving licence with a clean driving record.
  • A minimum of five years of professional driving experience.
  • Previous experience in warehouse, distribution, delivery, or logistics operations will be an added advantage.
  • Must be physically fit and capable of assisting with the loading and unloading of goods.
  • Strong punctuality and time-management skills.
  • Professional appearance and good conduct.
  • Ability to handle company goods and property responsibly.
  • Good communication skills in Sinhala. Basic English knowledge will be an added advantage.

Benefits
  • Attractive salary.
  • Overtime payments and other company benefits.
  • Stable employment within a professional working environment.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!